Latest News

ඉන්දීය ක්‍රීඩකයෙකු, 2025 චැම්පියන්ස් කුසලානයෙන් එළියට විසිවෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා ඉවත් කර තිබෙනවා.

පසුගිය සති අන්තයේ දී බුම්‍රා පිට කොන්දේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බැංග්ලෝර්හි දී භාජනය වූ අතර එහිදී වාර්තා අයහපත් මට්ටමේ නොපැවතිය ද ඔහු පන්දු යැවීමට තවමත් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවයි වාර්තා වන්නේ.

espncricinfo මාධ්‍ය වාර්තා කරන පරිදි බුම්‍රාගේ ඉවත් වීම ඉන්දීය කණ්ඩායමේ සැලසුම්වලට දැඩි හිස්තැනක් නිර්මාණය කරනු ඇති බවයි.

ජනවාරි මාසයේ සිඩ්නි හි පැවති ටෙස්ට් තරගයේ දී බුම්රාට මෙම පිටකොන්දේ ආබාධය ඇති වුණා.

මෙම ආබාධය හේතුවෙන් බුම්‍රා එංගලන්තයට එරෙහිව පැවති සුදු පන්දු තරගාවලියෙන් ද ඉවත් වුණා.

World News

Send your contact Details Today