ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් හට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම්කර තිබෙනවා.
ඒ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරග විනිසුරුවන් වාර්තා කිරීම හේතුවෙන්.
ඒ අනුව ඉරියව්ව නිවැරදි කර ගන්නා තුරු මෙම තහනම ඔහුට ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත්තේ මැතිව් කුනමන් විසින්.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් දවාගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් සමත්වුණා.