2025 සඳහා ලොව වඩාත්ම සාදරයෙන් පිළිගන්නා නගරයක් ලෙස ශ්‍රී ලංකාවේ සීගිරිය ශ්‍රේණිගත කර තිබෙනවා.
ඒ Booking.com විසින්.
මෙම ශ්‍රේණිගතකිරීම සඳහා පදනම් වී ඇත්තේ ගමනාන්තයේ ආගන්තුක සත්කාරය සහ චමත්කාරය ඉස්මතු කරමින් මිලියන 360 කට අධික පාරිභෝගික සමාලෝචනයි.
සංචාරක සමාලෝචන සම්මාන උළෙලේ දහතුන්වන සංස්කරණයේ කොටසක් ලෙස, Booking.com විසින් 2025 සඳහා පෘථිවියේ වඩාත්ම සාදරයෙන් පිළිගන්නා නගර 10 එළිදක්වන අතර, සංචාරකයින්ට මෙම අද්විතීය ගමනාන්තවල චමත්කාරය සම්පූර්ණයෙන්ම වැළඳ ගැනීමට උපකාරී වන උපදෙස් සහ නිර්දේශ ද ඉදිරිපත් කරනවා.