Latest News

හෂාන්, බංග්ලාදේශ කෙල්ලන් අතහැර ගෙදර එයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති අතර, එම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා.

තිලකරත්න මහතා 2022 ඔක්තෝම්බර් මාසයේදී වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත එරට කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වුණා.

එම කොන්ත්‍රාත්තුව මෑතකදී අවසන් වුවද, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දක්වා දීර්ඝ කර තිබුණා.

ශ්‍රී ලංකා පුහුණුකරුගේ ඉල්ලා අස්වීම තහවුරු කරමින්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ කාන්තා දෙපාර්තමේන්තු භාර හබිබුල් බෂාර්, ක්‍රික්බස් වෙබ් අඩෙවියට පැවසුවේ ‘ඔහු තවදුරටත් සේවය කිරීමට කැමති නැති බව බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පැවසුවා’ ලෙසයි.

ක්‍රික්බස් වාර්තාවට අනුව, තිලකරත්න යටතේ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය එතරම් සෑහීමකට පත්ව නැහැ.

මේ නිසා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා පුහුණුකරු සමඟ ගිවිසුම අලුත් කිරීමට උනන්දුවී නැති බවද සඳහන් වනවා.

මෙය වටහා ගත් ඔහු තනතුර අත්හැරීමට තීරණය කළ බවත්, එම වගකීම දේශීය පුහුණුකරුවකුට පැවරීමට අවශ්‍ය බවත් එරට පාලක මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

ජනවාරි මාසයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරය, කාන්තා පුහුණුකරු තිලකරත්න මහතාගේ අවසන් ව්‍යාපෘතියයි.

මේ සංචාරයේදී, බංග්ලාදේශ කණ්ඩායම කො‍දෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය 2-1ක් ලෙස සහ විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වුණා.

එහිදී බංග්ලාදේශ කාන්තාවන්ට එක්දින තරගාවලිය ජය ගැනීමට හැකි වූයේ නම්, ඔවුන්ට එළඹෙන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඍජු අවස්ථාවක් ලැබෙනු ඇති.

මේ හේතුවෙන් සුදුසුකම් ලැබීමේ තරගවලදී ඔවුන්ට බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය වැනි කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා.

World News

Send your contact Details Today