නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (07) සිට පෙබරවාරි 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙනවා.
ක්‍රීඩා උළෙල සඳහා චීනය ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දී ඇති බවත්, හාර්බින් සිට යාබුලි නගර තෙක් දිවෙන අධිවේගී දුම්රිය ගමන් සහ යටිතල පහසුකම් සියල්ල සපයා ඇති බවත් ආසියානු ඔලිම්පික් කවුන්සිලය චීන ක්‍රීඩා බලධාරීන්ට සහ චීන රජයට තුති පුද කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස හාර්බින් තෝරා ගැනීම සිදුවූයේ 2023 ජූලි 08 වැනිදායි.
ඒ අනුව, සියලු කටයුතු සූදානම් කිරීම සිදුවූයේ මාස 18 ක් වැනි කෙටි කාලයකින් වීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසවු සඳහා ක්‍රීඩාංගන සකස් කිරීම මාස 18 ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ කිරීමට හැකි වීම ද ඔලිම්පික් කවුන්සිලයේ පැසැසුවට හේතුවක් වී තිබෙනවා.