ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට ශ්‍රී ලංකාව් ජනතාවට හඳුන්වා දෙනවා.
ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින්.
පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඩිජිටර් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහනේ ප්‍රධානී උදය එච් කස්තුරිරත්න මහතා පවසනවා.
ඒ අනුව තමන්ගේ ජංගම දුරකතනයෙන් මෙම ආයතන සඳහා ගෙවීම් පහසුවෙන් සිදු කර ගත හැකි වනු ඇති.
උදය එච් කස්තුරිරත්න මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේදී තවත් ගෙවීම් රැසක් ‘GovPay’ ඔස්සේ සිදු කිරීමට හැකියාව ලැබෙන බවයි.