Latest News

ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය, ඉතාලියටත් ළඟදීම වළංගු කිරීමට සූදානමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබුණා.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවයි තානාපතිවරයා පවසා ඇත්තේ.

World News

Send your contact Details Today