Latest News

ඉතාලියේ රැකියා වීසා ගැටළුව විසඳන ලෙස ඉතාලි තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ඉල්ලයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiano Francovigh අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී දැනට ඉතාලියේ රැකියා වීසා ලබා ගැනීම අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් විමසීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳන ලෙස අමාත්‍ය විජිත හේරත් මෙරට ඉතාලි තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයකට කඩිනමින් අත්සන් තැබීමට ද සැලසුම් කර ඇති බවත්, ඉතාලි රජය විසින් රටවල් කිහිපයකට රැකියා වීසා ලබාදීම නැවත විමර්ශනයකට ලක්කර ඇති බවයි තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබාදීම යළි කඩිනමින් ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම් දීමට කටයුතු කරන බවට තානාපතිවරයා එහිදී එකඟ වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සම්බන්ධව නිකුත් කළ අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

World News

Send your contact Details Today