Latest News

ශ්‍රී ලංකාවේ ළමුන්, දරුකමට පිටරටට ලබා දීම ගැන විශේෂ ගැසට් නිවේදනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම්කරුවන් සඳහා, මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍ රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ළමයින් දරුකමට හදා වඩා ගැනීමේ ආඥා පනතේ 3 වගන්තියේ 5අ උප වගන්තියේ ආ 1 ඡේදය යටතේ සඳහන් අයදුම්කරුවන් වෙනුවෙන් 2025 ලිත් වර්ෂය සඳහා සියලු අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින්, දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් විය යුතු බව ජනවාරි 08 දාතමින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පනතේ ආ 1 ඡේදය යටතේ සඳහන් වන්නේ ලාංකික පුරවැසියන් නොවන හා කවර අවස්ථාවක හෝ ලාංකික පුරවැසියන් ලෙස නොසිටි, ලංකාවේ වාසය නොකරන හා වසතිය නොමැති අය නමින් ළමයින් දරුකමට හදා වඩා ගැනීම සඳහා කරනු ලැබිය හැකි ඉල්ලීම් සඳහා වූ ආඥාවන්‍ වනවා.

World News

Send your contact Details Today