Latest News

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ගැන දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව http://www.srilankacricket.lk/ යන අඩවියෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ටිකට්පත් ලබාගත හැකියි.

එමෙන්ම ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී ද අදාළ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකියි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලිය සඳහා වන ප්‍රවේශ පත්‍ර පෙබවාරි මස 07 වනදා සිට අළෙවි කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today