Latest News

ඇෆ්ගනිස්ථානය වර්ජනය කිරීම ගැන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියන කතාව

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සමඟ තරගය වර්ජනය ඵලදායී ක්‍රියාවක් ලෙසට තමන් විශ්වාස නොකරන බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ බට්ලර් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඇෆ්ගනිස්ථානය සමඟ තරගය වර්ජනය කරන ලෙසට එංගලන්තයේ කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Tonia Antoniazzi විසින් එරට ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් යොමු කර තිබූ බව සඳහන්.

ඊට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 160 දෙනෙකු පමණ අත්සන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමඟින් ඔවුන් ඉල්ලා සිටියේ, ඇෆ්ගනිස්ථානයේ පවතින තලෛබාන් පාලනයෙන් කාන්තාවන්ට දැඩි හිංසාවලට ලක් වන බැවින් ඊට විරෝධය පළ කිරීමක් ලෙස ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම නොකරන ලෙසයි.

World News

Send your contact Details Today