ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය වළක්වමින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින්.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න මහතා විසින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු නිලධාරීන් තිස් අට දෙනෙකුට එරෙහිව ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ වාරණය ලබන 30දා දක්වා බලපැවැත්වෙන පරිදියි නිකුත් කර ඇත්තේ.
පෙත්සම්කරුගේ නාම යෝජනා භාර ගැනීමකින් තොරව නිලවරණය පැවැත්වීම නීති විරෝධී බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර තිබෙනවා.
එමෙන්ම අතුරු තහනමක් නිකුත් නොකිරීමට සම්බන්ධයෙන් ලබන තිස් වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.
නීතිඥ සංජය ෆෝන්සේකා මහතාගේ උපදෙස් මත නීතිඥ පසිඳු බණ්ඩාර මහතා සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.