Latest News

ලංකාවට එරෙහිව, ස්ටීව් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එක්වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ස්ටීව් ස්මිත් ක්‍රීඩා කරන බවට ක්‍රිකට් ඔස්ට්‍රේලියා තහවුරු කර තිබෙනවා.

ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව ස්මිත් ඩුබායිහි පැවැත්වෙන පුහුණු කඳවුරට සහාභාගී වන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල සඳහන්.

බීග් බෑෂ් තරගාවලිය අතරතුර ඔහු වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමිංග්ස් පීතෘ නිවාඩු ලබාගැනීම හේතුවෙන් මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ස්ටීව් ස්මිත් හට ලබාදීමට කටයුතු කළා.

World News

Send your contact Details Today