ඉන්දීය පිතිකරු විරාත් කෝලි ‘ශ්‍රේෂ්ඨ’ ක්‍රිකට් ක්‍රීඩකයකු බවත් ඔහු සිය හොඳම කාලය පසු කර ඇති බවත් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් ලොයිඩ් පවසනවා.
talkSPORT වෙත අදහස් දක්වමින් ලොයිඩ් පවසා ඇත්තේ තම හොඳම කාලය පසු කර ඇති බව විරාත් කෝලි පවා දන්නා බවයි.
දැනට වයස අවුරුදු 36ක් වන කෝලි මෑතකාලීනව දක්නට ලැබුණු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු වුවත් දැන් ඔහුගේ කාලය අවසන් බව ද ලොයිඩ් සඳහන් කරනවා.
2014 වසරේ ඔහුගේ පළමු එංගලන්ත සංචාරයේ සිට විරාත් කෝලි ඕෆ් ස්ටම්ප් එකෙන් පිටත එන පන්දු සඳහා සාර්ථකව මුහුණ දී තිබුණේ නැහැ.
කෙසේවෙතත්, ඔහු පිතිකරුවෙකු ලෙස මේ වන විට එම පන්දුවලට මුහුණදීමට ක්‍රමයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
මෑත අතීතයේදී, කෝලිගේ දුර්වලත්වය බලාපොරොත්තු සුන් කරවන අඩු ලකුණුවලට හේතු වුණා.
මෑතකදී අවසන් වූ බෝඩර් ගවස්කාර් කුසලානයේදී, කෝලි ඔහුගේ සියලු ඉනිම්වලදී ස්ටම්ප් දවාගනීම්වලට හසුවුණා.
ඉන් ඇඟවෙන්නේ ඔහුගේ තාක්ෂණයේ ප්‍රධාන ගැටලුවක් ඇති බව ලෙසයි ලොයිඩ් පවසන්නේ.
මේ අතර, චැම්පියන්ස් කුසලාන සංචිතයට තේරීමේ දී අඩු ලකුණු මාලාවක් සමඟ කෝලිට ස්ථානයක් ලැබිය යුතුද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබෙනවා.