Latest News

ශ්‍රී ලංකාවේ රෝහල් උපස්ථායක නාමය වෙනස් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව සාත්තු සේවකයින්ගේ නිල ඇඳුමට ඉදිරියේදී CAREGIVER යන නිල ලාංඡනයද එක්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයිද මෙල් සඳහන් කළේ මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු මෙරට සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවයි.

World News

Send your contact Details Today