Latest News

මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන් අතර 03 වන ස්ථානයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින්.

නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මහීෂ් තීක්ෂණ මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටින අතර, දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ කුල්දීප් යාදෙව්ටයි.

වනිදු හසරංග පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 03 වන ස්ථානයේ රැදී සිටින අතර මහීෂ් තීක්ෂණ එහි 06 වන ස්ථානයේ රැදී සිටිනවා.

World News

Send your contact Details Today