ඉදිරි දින කිහිපය තුළ වසර 160,000කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
BBC පුවත් සේවය වාර්තා කළේ 2025 මෙම මාසයෙන් පසුව තවත් කෙතරම් කාලයකින් අනතුරුව මෙවැනි වල්ගා තරුවක දිස්වීමක් ගැන පුරෝකථනය කිරීම අසීරු බවට නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවයි.
මෙම වල්ගා තරුව C/2024 G3 (ඇට්ලස්) නමින් නම්කර තිබෙනවා.
මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට පහසු තරම් දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස්වන බවයි වාර්තා වන්නේ.
මෙම වල්ගා තරුව පෙරේදා (13) දින රාත්‍රියේ දී සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි ස්ථානගත වුණා.
එය ලොව පුරා වැසියන්ට නිරීක්ෂණය වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
මෙම වල්ගා තරුව සිකුරු ග්‍රහලෝකය මෙන් දැඩි දීප්තියකින් යුක්ත වනවා.
එය දකුණු අර්ධ ගෝල වැසියන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය වන බවයි සඳහන් වන්නේ.
ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්වවිද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පැවසුවේ “වත්මන් කක්ෂීය ගණනය කිරීම්වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3ක් පමණ ගමන් කරන බවත්, එය “හිරු- ස්කිර්ටිං” වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කරන බවයි.
උතුරු අර්ධගෝලයේ රාජ්‍යයන් වන එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලට මෙය සමීපව නිරීක්ෂණයට ද හැකි වනවා.