මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබනවා.
එම කාණ්ඩයට සත්කාරක මැලේසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව ඇතුළත්ව සිටිනවා.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඔස්ට්‍රෙලියාව හා ස්කොට්ලන්තය අතර පැවැත්වෙනවා.
මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය මැලේසියාවට එරෙහිව ජනවාරි 19වනදා ක්වාලාලාම්පූර්හිදී පැවැත්වෙනවා.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඊයේ (10) ප්‍රකාශයට පත් කළා.
එහි කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර නම්කර තිබුණා.