අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා.
අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මුදල් අමාත්‍යාංශය ඒ බව නිවේදනය කළා.
එම ගැසට් පත්‍රයට අනුව මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිළ අවම වශයෙන් රුපියල් 106 කින් ඉහළ යනු ඇති.
ඊට සමගාමීව අනෙකුත් මත්පැන් වර්ගවල මිල ද සියයට 5කින් ඉහළ යන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, සුරාබදු ඉහළ නැංවීමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලද ඉහළ දමා තිබෙන බව ලංකා දුම්කොළ සමාගම පවසනවා.
කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්‍රියාත්මක කර ඇති අතර, රුපියල් 5 සිට 10 දක්වා දුම්වැටියක මිල ඉහළ යනු ඇති.
මේ අතර අදාළ ගැසට්ටුව තුළ වාහන ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක තීරුබදු ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.