දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා සිදු කරන ගුවන් ගමන් වාර 150කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආශ්‍රිත ප්‍රදේශවල පවතින ඝන මීදුම් සහිත තත්ත්වය හේතුවෙන්.
එමෙන්ම දුම්රිය ගමන් වාර 26ක් පමණ ප්‍රමාද කිරීම් සිදු කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
පාලම්, අග්‍රා, අලහබාද්, හින්ඩන්, ග්වාලියර්, කාන්පූර් සහ කුෂිනගර් යන ප්‍රදේශවල ඝන මීදුම් තත්ත්වයක් පවතින බව සඳහන්.
මේ අතර, දිල්ලි-ලක්නව් අධිවේගී මාර්ගයේ අද (10) උදෑසන පැවති අධික මීදුම් තත්ත්වය හමුවේ මොටර් රථ 06ක් එකිනෙක ගැටී අනතුරක්ද සිදුව තිබුණා.