Latest News

දකුණු කොරියානු ජනපතිගේ රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෝෂාභියෝගයකින් පරාජයට පත්වී බලතල අහිමිවූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා එරට අධිකරණයකින් නිකුත් කරනු ලැබූ රඳවා තබාගැනීමේ වරෙන්තුවට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිය එරට විමර්ශන කණ්ඩායමට ඔහුගේ නීතිඥවරුන්ගෙන් බාධා එල්ල වීමෙන් එය අසාර්ථක වීමෙන් පසු එම වරෙන්තුව යළි දීර්ඝ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් නඩු විභාගයක් සඳහා පමණක් ඔහුට වරෙන්තු නිකුත් කිරීම හැර ජනාධිපතිවරයා රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම වලංගු නොවන බවට ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

නමුත් ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමට සහ දූෂණ විමර්ශන කාර්යාලයට සිය දෙවැනි උත්සාහය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින් ජනාධිපතිවරයා රඳවා තබා ගැනීමේ වරෙන්තුව යළි දීර්ඝ කිරීමට සෝල් නුවර අධිකරණය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

World News