ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා.
ඒ අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue) විසින්.
එහි පෞරාණික වෙරළ තීරයන්, බහුලව වාසය කරන වන ජීවීන්, සන්සුන් තේ වතු සහ අද්විතීය සංස්කෘතික අත්දැකීම් හේතුවෙන්, මෙම සීතල මාසවලදී උණුසුම සහ වික්‍රමාන්විත අත්දැකීම් සොයන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය කදිම ස්ථානයක් බවයි වෝග් පෙන්වා දෙන්නේ.
වෝග් විසින් ලබාදී ඇති මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට විශාල තල්ලුවක් ලෙස සැළකෙනවා.
එසේම ගෝලීය වශයෙන් ප්‍රියකරන ගමනාන්තයක් ලෙස සංචාරක ආකර්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය කෙරෙහි යොමුකරවනු ලබනවා.
ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් උරුමයේ මිශ්‍රණය සමඟින්, දකුණු වෙරළ තීරය විදේශීය සංචාරකයන්ගේ අවධානය දිනාගන්නවා.