Latest News

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට සුඛෝපභෝගී බස් රථ සේවාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාර්ග අංක 187 සුඛෝපභෝගී බස් රථවලට ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයට පැමිණීමට අවසර හිමි ව තිබෙනවා.

මෙම අවසරය අද (10) සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මාර්ග අංක 187 (කොටුව – කටුනායක) සුඛෝපභෝගී බස් රථවලට මෙම අවස්ථාව හිමිගන්වා තිබෙනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් අදාළ තීරණය ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් ද අද සිට ආරම්භ කළා.

ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10ක් මේ හරහා ක්‍රියාත්මක බවයි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සඳහන් කළේ.

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අයකරන ගාස්තුව රුපියල් 450ක්.

World News

Send your contact Details Today