ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ජීවිතක්ෂයට පත්වූ සමස්ත සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ (09) දිනයේදී පමණක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.
පසුගිය ජනවාරි පළමුවනදා සිට නමවන දින දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වන දින සිට මේ දක්වා පලස්තීන වැසියන් 46,006 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව එක් ලක්ෂ නවදහස් තුන්සිය හැත්තෑ අටක්.
මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට වරෙන්තු නිකුත් කිරීම හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන්ට සම්බාදක පැනවීමට ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය ගෙන ඇති තීරණය හෙලාදකින බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කරනවා.