නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් 38 හැවිරිදි ගප්ටිල්, ලොව පුරා ලීග් තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති බවයි පවසා ඇත්තේ.
ගප්ටිල් මේ වන විට නවසීලන්තයේ දේශීය T20 තරගාවලිය වන Super Smash හි ඕක්ලන්ඩ් වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, පකිස්ථාන සුපර් ලීගය සඳහා ද ඔහු ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.
ඔහු එක්දින තරඟ 198කදී ලකුණු 7,346ක් රැස් කර ඇති අතර, නවසීලන්තය සඳහා එම ආකෘතියේ තෙවැනි වැඩි ලකුණු ලාභියා ද වනවා.
විස්සයි විස්ස ආකෘතියේ තවමත් ඔහු නවසීලන්තයේ වැඩිම ලකුණු ලාභියා වන අතර, විස්සයි විස්ස තරඟ 122 කදී ලකුණු 3,531ක් රැස්කරගෙන සිටිනවා.
කෙසේ වෙතත් ඔහුට 2022 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නවසීලන්ත ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන්වූයේ නැහැ.
මේ අතර වසර ගණනාවක් පුරාවට නවසීලන්ත කණ්ඩායමේ සියලුම සගයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට ඔහු සිය ස්තූතිය පළකර සිටින අතර, විශේෂයෙන්ම 19න් පහළ මට්ටමේ සිට ඔහුව පුහුණු කළ සහ වෘත්තීය ජීවිතයට අඛණ්ඩ සහයෝගයක් වූ මාර්ක් ඕ ඩොනෙල්ට ඔහු ස්තූතිය පුදකර සිටිනවා.