සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගය ලකුණු 113කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද (08) හැකියාව ලැබුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජය කල්තියාම තමන් සතු කරගන්නට නවසීලන්ත කණ්ඩායමට හැකියාව හිමිවුණා.
වර්ෂාව හේතුවෙන් තරගය පැය 02 ක පමණ ප්‍රමාදයකින් පසු ආරම්භ වූ අතර, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.
තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වූ අතර,ඔහුගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 37 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරු රචින් රවීන්ද්‍ර ලකුණු 79ක් රැස්කළ අතර, මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳ දැමූ අතර, වනිඳු හසරංග කඩුලු 02 ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.
මහීෂ් තීක්ෂණ මෙහිදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම ද විශේෂත්වයක්.
මිචෙල් සැන්ට්නර්, නේතන් ස්මිත් සහ මැට් හෙන්රි යන පිතිකරුවන් තීක්ෂණගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.
ජයග්‍රහනය වෙනුවෙන් පන්දුවර 37 කදී ලකුණු 256 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 142ක් පමණයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 64ක් ලබා ගත් අතර ජන්ති ලියනගේ ලකුණු 22 ක් ලබා ගත්තා.
වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට පිටියේ සාර්ථක වීමට නවසීලන්ත පන්දු බල ඇණිය ඉඩ ලබා දුන්නේ නෑ..
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will O’Rourke කඩුලු 3ක් සහ Jacob Duffy කඩුලු 2ක් ලබාත්තා. Matt Henry , Nathan Smith , Mitchell Santner අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.