අමෙරිකා ජනාධිපතිවරණයෙන් ඩොන්ලඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ බව කොංග්රස් මණ්ඩලයේ දී නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ කොංග්රස් මණ්ඩලයේ පැවති විශේෂ සැසිවාරයකදීයි.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ධුරය සඳහා නැවතත් තේරීපත් වු බව උප ජනාධිපති කමලා හැරිස් කොංග්රස් මණ්ඩලයට නිවේදනය කර තිබෙනවා.
අමෙරිකා ව්‍යවස්ථාවට අනුව ඇය සභාවේ මුලසුන හෙබවු අතර ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කර වසර 4කට පසුව ඔහුගේ ජයග්‍රහණය නිවේදනය කිරීම ද විශේෂත්වයක්.
මේ අතර තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් සදහන් කර ඇත්තේ කොංග්‍රසය අද අපගේ විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණය සහතික කරන අතර එය ඉතිහාසයේ දැවැන්ත අවස්ථාවක් බවයි.