Latest News

ටිබෙට් භූ කම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා සෝදිසි කිරීම්

Published 21 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගොඩනැගිලි 3,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ රාත්‍රියේ ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අඟහරුවාදා ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාව නේපාලයට සහ අසල්වැසි ටිබෙටයට අයත් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබුණා.

චීනයේ රාජ්‍ය විකාශක සීසීටීවී විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ දර්ශන පෙන්නුම් කරනුයේ ටිබෙටයේ ශුද්ධ වූ ෂිගාට්සේ නගරයේ විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි කඩාවැටීම, ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතරට යමින් සහ ප්‍රදේශවාසීන්ට ඝන බ්ලැන්කට් බෙදා දීමේ දර්ශනයි.

මෑත කාලීනව චීනයේ ඇති වූ මාරාන්තිකම භූ කම්පනයක් ලෙස අඟහරුවාදා දිනයේ ඇති වූ කම්පනය හදුන්වනවා.

World News