Latest News

මානසික ආතතිය නිසා එළුවන් ද දිවිනසාගැනීමේ තැතක් ගැන වීඩියෝවක් අන්තර්ජාලයේ පැතිරේ (VIDEO)

Published 22 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාමාන්‍යයෙන් අප සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ මිනිසුන් ගැන පමණයි.

නමුත් මානසික ආතතිය සහ පීඩනය හේතුවෙන් සතුන්ට ද සියදිවි නසාගැනීම් වැනි පියවර ගත හැකි බව මෑතකදී පැතිරෙන වීඩියෝවක් ඔප්පු කර තිබෙනවා.

මෙම වීඩියෝව මිනිසුන් කම්පනයට පත් කරන සුළු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අදාළ වීඩියෝවට අනුව සීතල කාමරයක ගිනි උදුන අසල වාඩි වී පවුලේ සාමාජිකයන් උණුසුම් වන අතර කිසිදු බියක් නොමැතිව එක්වරම ඇවිලෙන ගිනි උදුනට පනිනු ලබන සුරතල් එළුවෙක් ද කාමරයේ සිටිනවා.

මෙය දුටු නිවසේ පිරිමි ළමයා එළුවා දෙසට වහා දිව ගොස් චිමිනියෙන් එළියට ඇද ඌගේ ජීවිතය බේරා ගනු ලබනවා. නැවත නැවතත් දරන උත්සාහයන් ව්‍යවර්ථ කරනවා.

කෙසේවෙතත් එළුවාට පසුව උගේ දරුවා ( පැටියා) ද දුම් කවුළුවෙන් පනින්න උත්සාහ කරන බවත්, කෙසේ හෝ එළියට ගන්නා අයුරුත් වීඩියෝවේ දක්නට ලැබෙනවා.

මෙම සමස්ත සිදුවීම ඉතා බිහිසුණු සහ හද කම්පා කරවන සුළු වූ අතර සතුන්ට සියදිවි නසාගැනීමේ ප්‍රවණතා තිබිය හැකිද යන ප්‍රශ්නය මතු කරනවා.

මෙම වීඩියෝව ඉතා ඉක්මනින් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ අතර සුළු මොහොතකින් එය මිලියන සංඛ්‍යාත පිරිසක් විසින් නරඹා තිබෙනවා.

@RestrictedReelsX බෙදාගත් මෙම වීඩියෝව මේ වන විට කෝටි 4කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබෙනු දක්නට හැකියි.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ මිශ්‍ර ප්‍රතිචාර පවතින අතර එක් පරිශීලකයෙක් අදහස් දක්වමින්, “මේ එළුවා සියදිවි නසා ගැනීමට උත්සාහ කළාද?” යන්න ගැටලුවක් යයි පවසා තිබෙනවා.

ඇතැමුන් එය භයානක සිදුවීමක් ලෙස හඳුන්වා ඇති අතර සමහර පරිශීලකයින් පැවසුවේ එළුවන් ගින්නට බිය නොවන බවත් මෙම හැසිරීම යම් මානසික ගැටලුවක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

එළුවා යම්කිසි මානසික හෝ කායික වේදනාවක් විඳින්නට ඇති බවත්, ඒ හේතුවෙන් එළුවා මෙවන් පියවරක් ගත් බවත් ඇතැම්හු පවසා තිබෙනවා.

කෙසේවෙතත් සතුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මිනිසුන්ට මානසික රෝග ඇති විය හැකි සේම සතුන්ට ද මානසික ආතතිය, මානසික අවපීඩනය හෝ තනිකම අත්විඳිය හැකි අතර එය සියදිවි නසාගැනීමේ ක්‍රියාවන්ට හේතු විය හැකි බවයි.

World News