Latest News

ඉන්දියාවේ කම්කරුවන් පිරිසක් පතලක සිරවෙයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ (කඳුකර ඩීමා හසාඕ දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක) ගල් අඟුරු ආකරයක සිරව සිටින පතල් කම්කරුවන් බේරාගැනීමේ මෙහෙයුම් කටයුතු, හමුදා සහය ද ඇතිව තවදුරටත් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් සිරව සිටින පිරිස් අතුරින් තිදෙනෙක් මිය ගොස් ඇති බවට සැක කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා ක්‍රියාත්මක වෙමින් එහි සිරවී සිටි මිනිසුන් නව දෙනෙකු වෙත ළඟා වීමට උත්සාහ දැරූව ද තවමත් එය සාර්ථකව නොමැති බව සඳහන්.

එමෙන්ම මළ සිරුරු ද දැක ඇති නමුත් තවමත් ඊට ළඟා වීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරුවන් පිරිස පතල තුළ සිරව ඇති බව අනාවරණය වූයේ ඇසෑම් වෙත බලපෑ ගංවතුර තත්ත්වය සමඟයි.

ඒ අනුව ඇසෑම් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ජීවිත බේරාගැනීම සඳහා හමුදාවේ සහාය ද ඉල්ලා තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පතලේ දුරස්ථ පිහිටීම සහ ප්‍රදේශයේ යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සංකීර්ණ වී ඇති බවයි.

ඉන්දියාවේ දුෂ්කර ඊසානදිග ප්‍රදේශයේ ගල් අඟුරු ආකර ආශ්‍රිත ව්‍යසනයන් අතුරින් විශාලතම ව්‍යසන තත්ත්වය වාර්තා වූයේ 2019 වසරේ දීයි.

එහිදී අසල්වැසි ප්‍රාන්තයක් වන මේගලයා හි නීතිවිරෝධී පතලක වැඩ කරමින් සිටි පතල් කම්කරුවන් 15 දෙනෙකු පමණ අවසන් ගමන් ගිය බව වාර්තා වූයේ, අසල පිහිටි ගංගාවක් පිටාර ගැලීමත් සමඟයි.

World News