මී උණ රෝගය නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන්ස මහතා සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, කිලිනොච්චිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මුලංකාවිල් සහ කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි වෛද්‍යවරයා පවසා සිටියේ.
ඔහු මේ බව සඳහන් කළේ, කිලිනොච්චිය ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.