රථවාහන තදබදය වෙනුවෙන් ගාස්තු අය කරන පළමු අමරිකා නගරය බවට නිව්යෝර්ක් පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අනුව මෝටර් රථ රියදුරන් නිව්යෝර්ක් වෙත වාහන ඇතුළු කිරීමේදී දිනකට ඩොලර් 9 ක මුදලක් දක්වා ගෙවිය යුතු වනවා.
අනෙකුත් රථ වාහන සඳහා වෙනස් ගාස්තු අය කිරීමක් සිදු වනවා.
මෙම පද්ධතිය පෙරේදා (05) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඒ වෙනුවෙන් රථවාහන මංතීරු හාරසියයක් සඳහා කැමරා 1,400කට වැඩි ප්‍රමාණයකින් ආවරණය කර ඇති අතර හඳුනාගැනීමේ ස්ථාන 110කට වැඩි ප්‍රමාණයක් හා සංඥා 800කට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙයට තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධ බවද වාර්තා වනවා.
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල, ටයිම්ස් චතුරශ්‍රය හා වෝල් වීදිය අවට මූල්‍ය දිස්ත්‍රික්කය මෙම ගාස්තු අය කරන කලාපයට අයත්.