අමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (06) දිනයේ සිට අමෙරිකාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් ප්‍රාන්ත 07කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව මේරිලැන්ඩ්, වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, කැන්සස්, මිසුරි, කෙන්ටකී හා ආකන්සස් යන ප්‍රාන්තයන්ට මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එමෙන්ම අධික හිමපතනය හේතුවෙන් ගුවන් ගමන් වාර 2,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තවත් ගුවන් ගමන් වාර 6,500ක් පමණ ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුව තිබෙනවා.
නැගෙනහිර අමෙරිකාවේ මිලියන 3කට ආසන්න පිරිසකට විදුලි බලය අහිමි බව ද සඳහන්.
උත්තර ධ්‍රැවය වටා ගමන් කරන අයිස් සහ ශීත වාතය ධ්‍රැවීය සුළි කුණාටු හේතුවෙන් ඇති වන ආන්තික කාලගුණ තත්ත්වයක් ලෙසයි කාලගුණ අංශ මෙය හඳුන්වන්නේ.
ඉදිරි සති කිහිපය පුරා මෙම අයහපත් කාලගුණයෙන් ජනතාවට පීඩා විදිමට සිදුවිය හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළ කරනවා.