Latest News

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වෙයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 9ක පාලන කාලයකින් පසු කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඊයේ (06) සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

අග්‍රාමාත්‍යවරයා නියෝජනය කළ පාලක ලිබරල් පක්ෂය අභ්‍යන්තරයෙන් මතුවු පීඩනය හමුවේ ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවු බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වුවද ලිබරල් පක්ෂයට නව නායකයෙකු පත්කර ගන්නා තුරු තමා ධුරයේ රැදි සිටින බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළා.

එමෙන්ම තම තීරණය දැනුම් දෙමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මාර්තු මස 24 දින දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවන බවයි.

ඉදිරි මැතිවරණයේ දී රටට නායකත්වය ලබාදීමට සුදුසු නායකයෙකු තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන අතර පක්ෂ අභ්‍යන්තරයෙන්ම තමාට දැඩි පීඩනයක් එල්ල වන බව එහිදී ඔහු සඳහන් කළා.

ඉදිරි මැතිවරණය තවදුරටත් තමාට රටට නායකත්වය ලබාදීමට තේරීමක් හිමිවන අවස්ථාවක් නොවන බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය කාලය තුළ දී කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ඉතා වේගයෙන් පහළ ගිය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

World News