Latest News

හමාස් සටන් විරාමය යටතේ නිදහස් කළ හැකි ප්‍රාණ ඇපකරුවන් 34 දෙනෙකුගේ ලැයිස්තුවක් එළියට

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය සමඟ ඇතිකර ගැනීමට නියමිත සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේදී ,පලස්තීන කණ්ඩායම විසින් නිදහස් කිරීමට කැමැත්තෙන් පසුවන ප්‍රාණ ඇපකරුවන් 34 දෙනෙකුගේ ලැයිස්තුවක් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් BBC සේවය හමුවේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නම් කර ඇති අදාළ ලැයිස්තුවට අනුව වයස අවුරුදු 50 ත් 85 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් 10 ක් සහ වැඩිහිටි පිරිමි ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු මෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව හමාස් මීට පෙර ප්‍රකාශ කළ කුඩා ළමුන් ද වන බව සඳහන්.

එමෙන්ම හමාස් සංවිධානය විසින් අසනීපයෙන් පසුවන බව කියන ප්‍රාණ ඇපකරුවන් ගණනාවක් ද ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් BBC වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රාණ ඇපකරුවන් කී දෙනෙක් ජීවතුන් අතර සිටිනවාද යන්න පැහැදිලි නොමැති බවයි.

මේ අතර හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ වාර්තාවන්ට අනුව, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සති අන්තයේ එහි සිටි 100කට වැඩි පිරිසක් මිය ගිය බව සඳහන්.

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ, හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවක් ලබා දුන් බවට පළ වන වාර්තා සත්‍ය නොවන බවයි.

සති අන්තයේදී දෝහා කටාර්හි සටන් විරාම සාකච්ඡා නැවත ආරම්භව ඇති නමුත් සාකච්ඡා තවමත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවක් පෙනෙන්නට නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

World News