ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය, විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා.
මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් වුණා.
මේ පිළිබඳව මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රථයකින් පැමිණි බවයි.