Latest News

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 11ක් තුළ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2013 වසරේ දරු උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව ඇති බවයි.

කෙසේවෙතත් පසුගිය වසරේදී එම සංඛ්‍යාව දෙලක්ෂ විසිඅට දහස් අනූ එකක් දක්වා අඩු වී ඇති බව සඳහන්.

එය ලක්ෂයක පමණ අඩුවීමක් වනවා. ‌

මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බවයි, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

මෙලෙස උපත් අනුපාතය අඩුවීම හේතුවෙන් අනාගතයේදී මෙරට තරුණ ප්‍රජාවට සාපෙක්ෂව වියපත් ප්‍රජාව ඉහළ යනු ඇති බව ද සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් නඩත්තු කිරීම සඳහා රජයට වැඩි වියදමක් දැරීමට සිදු වනු ඇති බවයි ඔවුන් අවධාරණය කළේ.

World News