අමරිකාවේ ප්‍රාන්ත හයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන්.
කැන්සාස්, මිසූරි, කෙන්ටකි, වර්ජිනියා, ආකන්සාස් හා නිව්ජර්සි යන ප්‍රාන්ත වලටයි හිම කුණාටු තත්ත්වය බලපා ඇත්තේ.
අමරිකාවේ ප්‍රාන්ත 30කට වැඩි සංඛ්‍යාවක මිලියන 60කට අධික පිරිසක් දශකයකට වැඩි කාලයක් තුළ දැඩි හිම පතනයකට හා අධික ශීත උෂ්ණත්වයකට මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා.
හිම කුණාටුව ආක්ටික් ප්‍රදේශයේ සිට මධ්‍යම අමරිකාව දක්වා ශීඝ්‍රයෙන් පහළට ගමන් කරමින් පවතිනවා.
මේ හේතුවෙන් බොහෝ ප්‍රාන්ත වල ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද වී හෝ අවලංගු වී තිබෙනවා.
මාර්ග රැසක ගමන් කිරීමට නොහැකි වන සේ හිමෙන් වැසී ඇති අතර පාසල් ද වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත් හිම කුණාටුවේ ප්‍රබලත්වය අද (06) සිට අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.