Latest News

ChatGPT ට එරෙහිව සටන් කළ සුචිර් බලාජිගේ අභිරහස් මරණය

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රමුඛ කෘත්‍රිම බුද්ධි පර්යේෂකයෙකු සහ සත්‍ය හෙළිදරව් කරන්නෙකු ලෙස ප්‍රකටවූ සුචිර් බලාජි, OpenAI හි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් ගත් පුද්ගලයෙක්.

ඉන්දියානු සංක්‍රමණික පවුලකට දාව 1998 දී කැලිෆෝනියාවේ කියුපර්ටිනෝහි උපත ලද ඔහු, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා.

OpenAI හි වසර හතරක සේවා කාලය තුළ බලාජි, ChatGPT වැනි AI මෘදුකාංග පුහුණු කිරීම සඳහා දත්ත එකතු කිරීමේ සහ සංවිධානය කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළා.

කෙසේ වෙතත්, විශේෂයෙන් දත්ත භාවිතය සම්බන්ධ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සමාගමේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු වැඩි වැඩියෙන් කලකිරීමට පත්වුණා.

පාඨකයන්ට නොමිලේ ලබාදියයුතු‍ දේට මිලක් නියම කිරීම අසාධාරණ බවට හඩක් නැගුවා.

2024 අගෝස්තු මාසයේදී ඔහු OpenAI වෙතින් ඉවත්වූ අතර සමාගම එක්සත් ජනපද ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කරමින් එහි AI පද්ධති සංවර්ධනය කළ බවට චෝදනා කළා.

මෙම තාක්ෂණයන් අන්තර්ජාලය සහ නිර්මාණාත්මක කර්මාන්ත කෙරෙහි ඇති කරන හානිකර බලපෑම් පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවූවා.

ඔහුගේ හෙළිදරව් කිරීම් නිසා සමාගම ගැන අපකීර්තිමත් කතාබහක් නිර්මාණය වුණා. එ

ලොන් මස්ක් පවා මේ කාලයේ සටන් කරන්නේ බාලාජි පෙන්වාදුන් කරුණු වෙනුවෙන්.

මේ සියල්ල අතර පුදුමසහගත දෙයක් සිදුවුණා.

ඒ 2024 නොවැම්බර් 26 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝහි ඔහුගේ නිවසේදී බලාජි මිය ගොස් සිටියදී හමු වීමයි.

බලධාරීන් ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස වර්ගීකරණය කළ ද, මියයන්නට පෙර පොර බදන ලකුණු තිබූ බවට චෝදනා කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයෝ මෙම නිගමනයට විරුද්ධ වුණා.

එලොන් මස්ක් සිය X ගිණුමෙන් දන්වා සිටියේ මෙය සියදිවිනසාගැනීමක් විය නොහැකි බවයි.

ඒ අනුව මේ ගැන විශේෂ පරීක්ෂණ අරඹා තිබෙනවා.

බලාජිගේ අකල් මරණය තාක්ෂණික කර්මාන්තයේ වගවීම සහ විනිවිදභාවය පිළිබඳ පවතින විවාද ඉස්මතු කර ඇති අතර, විශේෂයෙන් AI තාක්ෂණයන්හි ගැටලු සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

World News