Latest News

SL vs NZ | 1st ODI: ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක අමිහිරි පරාජයක් යළිත් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05) සිදු වුණා.

ඒ වෙලින්ග්ටන් හි දී ආරම්භ වූ දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අවසන් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක මිචෙල් සැන්ට්නර් පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

එම ඇරයුමෙන් පළමු ව පිතිකරණයට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසාන වීමටත් පෙර සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 178ක් පමණයි.

අදත් දුර්වල සහ සුපුරුදු ළාබාලා පිතිකරණ රටා පෙන්වමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වීමට වැඩිවේලා ගත වූයේ නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු පමණක් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූයේ සිය ජාත්‍යන්තර 09 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනිමින්.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක එක්දින ලකුණකට යාමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර මැට් හෙන්රි ලකුණු 19කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඩෆී සහ නෙතන් කඩුලු 02ක බැගින් මෙන් ම නායක සැන්ට්නර් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 179ක පහසු ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ නවසීලන්තයේ පළමු කඩුල්ල ද දැවී ගියේ ලකුණු 93ක දියි.

ඒ ලකුණු 45ක් අතැතිව සිටි රචින් රවින්ද්‍රා දවා ගනිමින්.

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ව පහර දුන් විල් යන්ග් තරගය ජය ගන්නා විට නොදැවී ලකුණු ක් ලබා සිටියා.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 29යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බිඳ දැමූ දවසේ එකම කඩුල්ලේ අයිතිය ද හිමි වූයේ නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ හටයි.

ඒ අනුව නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරග 106න් තරග 53ක ම ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය නොදැවී පන්දු 86කදී ලකුණු 90ක් ලබා ගත් විල් යන්ග්ට හිමි වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ජනවාරි 08 වැනි දා හැමිල්ටන් හි දී පැවැත්වීමට නියමිතයි.

World News