බංග්ලාදේශ T20 කණ්ඩායමේ නායකත්වය දැරූ නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.
තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි ෂැන්ටෝ විසින් සිය ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම්දී ඇත්තේ.
ඒ අනුව ෂැන්ටෝ පන්දුවාර 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් විය යුතු බවට කළ ඉල්ලීම පිළිගත් බවත් එහෙත් ඔහු ඉදිරියටත් එක්දින හා ටෙස්ට් නායකත්වයේ කටයුතු කරනු ඇති බවයි BCB සභාපති ෆාරුක් අහමඩ් සඳහන් කළේ.
නුදුරේ දී පන්දුවාර 20 ක්‍රිකට් තරග බංග්ලාදේශයට නොමැති බැවින් ඉක්මනින් නව නායකයෙකුගෙ අවශ්‍යතාවක් සිය කණ්ඩායමට නොමැති බව ද එහි පාලනාධිකාරිය සඳහන් කළා.