Latest News

මෙසීගේ ශුද්ධ වත්කම ගැන තොරතුරු පළමුවරට එළියට

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක පාපන්දු කිරුළ දිනූ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 650 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19,000ක්) පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

ස්පාඤ්ඤ කොටස් හුවමාරුවක මෙසීගේ සමාගමට අයිති දේපළ ලැයිස්තුගත කොට ඇති අතර, එහි තරු පහේ හෝටල් 7ක්, සාප්පු සංකීර්ණ 3ක්, ස්පාඤ්ඤයේ මහල් නිවාස පහක් මෙන්ම ලන්ඩන් සහ පැරිසියේ මහල් නිවාස ඇති බව ලේඛන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කළා.

මෙයට අමතරව බාර්සිලෝනා නගරයෙන් පිටත කැස්ටල්ඩෙෆෙල්ස් හි වෙරළබඩ මන්දිරයක් ඇතුළු සුඛෝපභෝගී නිවාස තිබෙන බව සඳහන්.

ඔහු සතු කෝටි ගණන් වාහනවලට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ගල්ෆ්ස්ට්‍රීම් නම් වූ පුද්ගලික ජෙට් යානයක් ද තිබෙනවා.

පැයට කිලෝමීටර් 940 දක්වා වේගයකින් පියාසර කිරීමට හැකි මගී ආසන 16ක් සහිත මේ පුද්ගලික ගුවන් යානයේ මුළුතැන්ගෙයක් සහ නාන කාමර දෙකක්ද තිබෙන බවත් සඳහන්.

වත්මන් ඉන්ටර්මියාමි ක්‍රීඩා සමාජ‍ය හා සහ හිටපු බාසිලෝනා පුරාවෘත්තය වූ මෙසී තම සමාගම එඩිෆිසියෝ රෝස්ටවර් (Edificio Rostower) සමූහය ලෙස නම්කොට එහි සභාපති ලෙස පත්ව සිටිනවා.

ඔහුගේ බිරිඳ ඇන්ටොනෙල්ලා රොකියුසෝ එම ව්‍යාපාර සමූහ‍යේ උප සභාපති වනවා.

ස්පාඤ්ඤ බැංකුව විසින් අධීක්‍ෂණය කරන ලද විකල්ප වෙළඳපොළක් වන පෝර්ට්ෆොලියෝ කොටස් හුවමාරු වෙළෙඳපොළ (Portfolio Stock Exchange) අනුව මෙසීගේ සමාගමේ කොටසක වටිනාකම අමෙරිකානු ඩොලර් 60ක් (ශ්‍රී ලංකා රුපියල් 17,538ක්) වන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 232.12ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6,785ක) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට පරිවර්තනය වූ බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.

World News