Latest News

රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ තේරීම් කමිටුව සමඟ දැනටමත් එම තීරණය පිළිබඳව ශර්මා සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 05 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඔහු සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත්, ඔහුට එම තරගය අවසන් වනතෙක් ටෙස්ට් පිටියේ රැඳී සිටීමට සිදුවනවා.

කෙසේ වෙතත් ඉන්දියාවට ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේ දී සහභාගී වන ටෙස්ට් තරග දෙක ශ්‍රී ලංකාව ජයගැනීම අනිවාර්ය වනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ඉන්දියාව ජයගත යුතුයි.

World News

Send your contact Details Today