Latest News

දකුණු කොරියා ජනපති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වැඩ තහනමට ලක්වූ ජනාධිපති යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියා බලධාරීන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්වරම දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කිරීම හේතුවෙන් යූන් වැඩ තහනමට ලක්ව සිටිනවා.

එය පදනම් කරගනිමින් ජනාධිපති යූන් සුක්-යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් දකුණු කොරියානු බලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

කැරලි ගැසීම හා බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදන යූන් හට එල්ල වී තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියා ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරයෙකු රඳවා තබා ගන්නා ලෙස කළ ඉල්ලීමට අනුව වරෙන්තුවක් නිකුත් කරන්නේද යන්න අධිකරණය විසින් තීරණය කරනු ඇති.

බලයේ සිටින ජනාධිපතිවරයෙකු අපරාධ සඳහා නඩු පැවරීමෙන් නිදහස් වන අතර, කැරලි හෝ රාජද්‍රෝහී ක්‍රියා වලදී එය අදාළ වන්නේ නැති බව එරට මාධ්‍ය වාර්තා කළා.

World News