Latest News

ජනවාරි 01 සිට ඔස්ට්‍ර්ලියානුවන්ට දඩයක් වදින අලුත් වැරැද්දක් ගැන අනතුරු ඇඟවීමක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාව පුරා අලුත් අවුරුදු සැමරීම සදහා නීතිවිරෝධී ගිනිකෙළි භාවිතා කරන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් දෙන බව ෆෙඩරල් පොලීසිය ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබෙනබා.

සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි දැඩි රෙගුලාසි ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

නීති විරෝදි ගිනිකෙළි භාවිතය පාලනය කර ඇති අතර, ගිණි කෙළි සන්දර්ශන පැවැත්වීමට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වනු ඇති.

විශේෂයෙන් සිඩ්නි නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන ගිණිකෙළි සංදර්ශන පිළිබද නිව් සවුත් වේල්ස් SafeWork ආයතනය දැඩි විමසිල්ලෙන් පසුවන බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම දැඩි රෙගුලාසි මගින් ගිනිකෙළි භාවිතය පාලනය කර ඇති අතර ඒ සදහා නීතිමය අවසර ලබා ගැනීම අනිවාර්ය වනවා.

නීතිවිරෝධී ගිනිකෙළි භාවිත කරන පුද්ගලයින්ට ඩොලර් 1,850 ක දඩයකට යටත්වීමට සිදුවනු ඇති.

නිව් සවුත් වේල්ස් හි එම දඩුවම් සැලකිය යුතු ලෙස වැඩිකර ඇති අතර අනවසර ගිනිකෙළි ක්‍රියාකාරකම් මෙන්ම ඒවා විකිණීම, මිලදී ගැනීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ ඇවිලවීම ඇතුළු වැරදි වලට ඩොලර් 27,500 ක දඩයකට සහ මාස 12 ක සිර දඬුවමකට යටත්වීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

World News