Latest News

TikTok තහනම ප්‍රමාද කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව තුළ TikTok භාවිතයට අදාළව, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා TikTok තහනම ප්‍රමාද කරන ලෙස ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පසුගිය 27 වනදා ගොනු කරන ලද නීතිමය ලියවිල්ලකට අනුවයි.

අමරිකාව තුළ TikTok භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කොට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙස අදාළ නීතිමය ලියවිල්ලෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අමරිකාව තුළ TikTok භාවිතය තහනම් කිරීමට සිය විරුද්ධත්වය පළ කරමින් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, තමා බලයට පත්වීමෙන් පසු දේශපාලන විසඳුමක් ඔස්සේ අදාළ ගැටළුව විසඳීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ගැ‍ටළු සඳහා සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමකට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් ද ඒ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අමරිකාවේ ඇරිසෝනා හි පසුගියදා පැවති රැස්වීමක දී ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබුණේ, TikTok ඇමරිකාව තුළ ක්‍රියාකාරීව පවත්වා ගෙන යාමට යම් කාලයක් දීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය හැකි බවයි.

World News