Latest News

ත්‍රිකුණාමලය මුහුදෙන් ධීවරයන්ට හමු වූ අභිරහස් යානය (PHOTOS)

Published 18 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදෙස් රටක නිෂ්පාදිත බවට සැකකෙරෙන ටාගට් ඩ්‍රෝන් නමින් හඳුන්වන ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී ධීවරයෙකුට ඊයේ (26) හමුවී තිබෙනවා.

ත්‍රිකුණාමලය, සමුද්‍රාගම ධීවර ගම්මානයේ සිට මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් තිබු මෙම ඩ්‍රෝන යානය හමුව ඇති අතර පසුව ඔවුන් එය ගොඩබිම වෙත රැගෙන විත් තිබුණා.

ඩ්‍රෝන යානය හමුවූ ධීවර යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයා පැවසුවේ ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිට කිලෝමීටර් 36ක් දුරින් මුහුදේ තිබියදී මෙම ඩ්‍රෝන යානය දුටු බවයි.

ධීවරයා විසින් ඩ්‍රෝන යානය ගොඩබිමට ගෙන ඒමෙන් පසු පොලිසිය දැනුවත් කර ඇති අතර අදාළ ඩ්‍රෝන යානය වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් හමුදා කඳවුරට ගෙන ගියා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ අදාළ ඩ්‍රෝන යානය ගුවන් හමුදා පුහුණුවලදී, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්ක ගැනීමේදී ගුවන් යානා අනුරූ ලෙස භාවිත කරන ඩ්‍රොන යානා විශේෂයක් බවයි.

ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මීට වසර කිහිපයකට ඉහතදී ද ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ සිට මෙවැනි ටාගට් ඩ්‍රෝන යානයක් මෙරටට පැමිණ ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

World News