Latest News

කෝලි සමඟ ඇති වූ සිද්ධිය ගැන සෑම් කොන්ස්ටස් කට අරියි

Published 17 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 05ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 282ක්.

ස්ටීව් ස්මිත් ලකුණු 63ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 19ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා.

මෙම තරගයේදී 19 හැවිරිදි සෑම් කොන්ස්ටස් ටෙස්ට් වරම් දිනගැනීමටයි සමත් වුණේ.

ඔහු පන්දු 65ක් තුළ වේගවත් ලකුණු 60ක් රැස්කරගත්තේ හතරේ පහරවල් 6ක් සහ හයේ පහරවල් දෙකක් සමඟින්.

එම හයේ පහරවල් දෙකම ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව ලබාගැනීමත් විශේෂත්වයක්.

ඒ අනුව දින 1445කට පසුව බුම්රාට ටෙස්ට් පිටියේ හයේ පහරක් එල්ල කළ ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීමටයි සෑම් කොන්ස්ටස් වාර්තා පොත් අතරට එක්වූයේ.

මේ අතර තරගයේ 10 වන පන්දුවාරය අවසන්වීමෙන් අනතුරුව කෝලි සහ සෑම් පිටියේ තණතීරුව හරහා ගමන් කරන විට ඔවුන් එකිනෙකාගේ උරහිස් ඝට්ටනය වීමක් සිදු වුණා.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර යම් වචන හුවමාරුවක් සිදු වූ අතර උස්මන් කවජා සහ විනිසුරුවරුන් මැදිහත්ව එය සමථයකට පත් කළ බව සඳහන්.

අදාළ ඝට්ටනය අහඹු ක්‍රියාවක් නොවන බවයි, එම අවස්ථාවේ විස්තර විචාරක ලෙස කටයුතු කළ, රිකි පොන්ටින් ප්‍රකාශ ක‌ළේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සෑම් කොන්ස්ටස් 7 Cricket වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, “it happens, it’s cricket.” යනුවෙන්.

මීට පෙර අවස්ථාවකදී සෑම්ගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරැන්දැයි ප්‍රශ්න කළ අවස්ථාවක ප්‍රකාශ කර තිබුණේ, විරාත් කෝලිගේ නමයි.

World News