ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 20 ක් සම්පූර්ණ වනවා.
අනුව ජාතික සුරක්ෂිත දිනය ද අදට යෙදී තිබෙනවා.
2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගැනීමත් සමඟ පෙරවරු 9.30 ට පමණ වියරු වූ උදම් රළ මෙරට වෙරළ ප්‍රදේශ රැසකට කඩාවැදුණා.
පැය කීපයක් තුළ සිදුවූ මෙම ව්‍යසනයෙන් අහිංසක ජීවිත 31,000කට අධික සංඛ්‍යාවක් අකාලයේ විනාශ වී ගියේ රටම ශෝකයේ ගිල්වමින්.
4,000කට වැඩි පිරිසක් අතුරුදන් වුණ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණා.
ශ්‍රී ලංකාවේ වෙරළ ප්‍රදේශවලින් සියයට 75කට පමණ සුනාමියෙන් හානි සිදුව තිබුණා.
අද පෙරවරු 9 සිට 11 දක්වා ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී සුනාමියෙන් මිය ගිය අය හා අතුරුදන් වුවන් සිහිපත් කිරීමේ උත්සවයක් පැවැත්වූවා.
එමෙන්ම 1,700කට පමණ දිවි අහිමි වු පැරෑලිය දුම්රිය අනතුර සිදුවු ස්ථානයේ දී ද සිහි කිරීමේ උත්සවයක් පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර තිබුණේ.
සුනාමියට හසුවු එම දුම්රිය අද පෙරවරුවේ කොළඹ කොටුවේ සිට පැරෑලිය දක්වා ගමන් ආරම්භ කළා.
එමෙන්ම මෙම ව්‍යවසනයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝකය පළ කිරීම සදහා පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කෙරුණා.