ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබෙනවා.
ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක්.
ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ද සිදුවීමට මුහුණ දී තිබෙනවා.
කෙසේ නමුත් ස්විට්සර්ලන්ත හිමමත ලිස්සායාමේ සම්මේලනය නිවේදනය කර සිටියේ, හෙඩිගර්ගේ පවුලේ අය සහ සහකරු සමඟ එකඟ වූ පරිදි හෙඩිගර්ගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු රහසිගතව තබා ගන්නා බවයි.
ලොව ත්‍රාසජනක ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවට හිමි වනවා.
එහිදී කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති හෙඩිගර්, 2023 වසරේ අමෙරිකාවේ පැවති ශීත ඍතු ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට සහභාගි වී රන් පදක්කමක් ජයග්‍රහණය කර තිබෙනවා.
එමෙන්ම 2022 වසරේ චීනයේ පැවති ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගි වී ඇති අතර, 2023-24 වාරයේ පැවැත් වූ ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි එය අවසන් කිරීමට ද සමත්ව තිබුණා.